නිරෝධායන නීති කැඩූ  72 ක් කොටු.

නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 72 දෙනෙකු ඊයේ (25) දිනය තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

දුරස්ථභාවය තබා නොගැනීම සහ මුඛ ආවර්ණ නොපැළදීම යන හේතුන් මත ඔවුන් අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව පසුගිය ඔක්තෝබර් මස 30 වනදා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 660 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇත.

Close Menu