ඡන්දය දාල ෆේස් බුක් දැම්මොත් වසර තුනක් හිරේ .මැතිවරණ කොමසාරිස්ගෙන් දැනුම්දීමක්.

රාජ්‍ය නිලධාරීන් විසින් තැපැල් ඡන්දය ප්‍රකාශ කර “ෆේස්බුක්“ සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ කිරීම නීතිවිරෝධි කාර්යක් බවත් එවැනි ක්‍රියා සිදුකරන අය වසර 3ක සිර දඬුවමකට ලක්විය හැකි බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

අද(31) රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය.

තහනම් කර තිබියදී රජයේ නිලධාරීන් විසින් ඡන්දය ප්‍රකාශ කර පින්තූර ගෙන ෆේස්බුක් සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ කිරීම ඉතාමත් කණගාටුදායක බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය.

එලෙස ඡන්දය ප්‍රකාශ කර “ෆේස්බුක්“ සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ කරනු ලැබුවේ කවුරුන්ද යන්න සොයා ගනු ලැබුවහොත් අදාළ පුද්ගලයා අවම වශයෙන් වසර 3ක සිර දඬුවමකට යටත් කරන බව ඒ මහතා පැවසීය.

එමෙන්ම රාජ්‍ය නිලධාරීන් විසින් ඡන්දය ප්‍රකාශ කර පින්තූර ගෙන සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ කරනු ලැබුවහොත් අදාළ ඡන්ද මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිධාරීවරයාට එරෙහිව ක්‍රියා කිරීමට සිදු වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් පැවසීය.

Close Menu