ගතවූ පැය 24ට නිරෝධායන නීති කැඩූ 62ක් අත්අඩංගුවට

ගතවූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 62 දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඔවුන් සියලුදෙනා මුහුණු ආවරණ පැළඳ නොසිටීම සහ සමාජ දුරස්ථභාවය පවත්වාගෙන නොයාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත. 

ඒ අනුව පසුගිය ඔක්තෝබර් මස 30 වනදා සිට මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 527 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Close Menu