කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2815ක් දක්වා ඉහළට

ඊයේ (31) දිනයේ තවත් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2815ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒඅනුව ලංකාපුර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් හඳුනාගත් කොවිඩ් නයින්ටීන් ආසාදිත රෝගීයාගේ බිරිඳට ද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

නිරෝධායන මධ්‍යස්ථානයක සිටින ඇයට වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (31) තහවුරු වී ඇත.

ආසාදිතයින් 2391 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මෙරටින් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 413 දෙනෙකු තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබමින් පසුවෙති.

Close Menu