එජාපය අද තීරණ රැසක් ගනී.

එක්සත් ජාතික පක්ෂ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද (14) පස්වරු 3.00ට
සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී  පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

අද රැස්වන කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී පක්ෂයේ  නායකත්වය සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණෙනු ඇති බව වාර්තා වේ.

නායකත්වය තෝරාපත් කරගැනීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් ද තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

Close Menu