අනවශ්‍ය ගමන් එපා.පොලීසියෙන් ඉල්ලීමක්

අත්‍යවශ්‍ය කටයුත්තකට හැර වෙනත් ගමන්වලින් තවදුරටත් වැළකී සිටින ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා මෙම ඉල්ලීම කළේය.

මේ අතර බස්නාහිර පළාත තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ 2,494 දෙනෙකු පොලිසිය විසින් අවවාද කර මුදාහැර ඇත.

මුඛ ආවරණ නොපැළඳී 1,471 දෙනෙකුට සහ දුරස්ථභාවය තබා නොගත් 1,023 කට මෙලෙස අවවාද කර මුදාහැරි බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේය.

Close Menu