අද දිනයේ ආසාධිතයන් 10ක්

අද (24) සවස 3 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 10 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 2763ක් දක්වා ඉහළ ගොස් තිබේ.

නිරෝධායනයට ලක්වෙමින් සිටින, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 9 දෙනෙක් හා කන්දකාඩු මධ්‍යස්ථානයේ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙක් මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

අද උදෑසන කොරෝනා ආසාදිතයින් 17 දෙනෙක් පුර්ණ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු ආසාදිතයින් ගණන 2094ක් දක්වා ඉහළ ගොස් ඇත

ඒ අනුව අද වන විට ආසාදිතයින් 658 දෙනෙක් රෝහල් ගත ව ප්‍රතිකාර ලබයි.

Close Menu