ප්‍රසිද්ධ ස්ථානයන්හි මුඛ ආවරණ පැළඳ නොසිටි 1,441ක් ස්වයං නිරෝධායනයට

මුඛ ආවරණ පැළඳ නොසිටින පුද්ගලයින් ගැන නිරන්තර අවධානයෙන් සිටීමට විවිධ ස්ථානවල පොලිස් නිලධාරින් සේවයේ යොදවා ඇති බවත් ප්‍රසිද්ධ ස්ථානවල මුඛ ආවරණ පැළඳ නොසිටි පුද්ගලයින් 1,441 ක් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙන බවත් පොලීසිය පවසයි.

බස්නාහිර පළාත තුළ පොදු ස්ථානවල දී මුඛ ආවරණ නොපැළද සිටි පුද්ගලයින් දහසකට වැඩි පිරිසක් නිරෝධායනයට යොමු කර තිබේ.

ඊයේ පෙරවරු 06.00 සිට පස්වරු 06.00 දක්වා සිදුකළ මෙහෙයුම්ක දී මෙම පිරිස හඳුනා ගත් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේය.පෙරේදා දිනයේ සිදුකළ මෙහෙයුමක දී බස්නාහිර පළාතේ පොදු ස්ථානවල මුඛ ආවරණ නොපැළද සිටි පුද්ගලයින් 1214 දෙනෙකු නිරෝධායනයට යොමු කෙරුණි

Close Menu