අද කොවිඩ් තිදෙනෙක් හඳුනාගනී.

අද (15) දිනයේ නව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ව පවසයි.

එක්සත් අරාබි එමිර් රාජ්‍යයෙහි සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු සහ කුවෙට් සිට පැමිණි අයෙකු නව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 3,266 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

Close Menu